ජනපති මල්වතු - අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

ඊයේ (21) පස්වරුවේ මහනුවරට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇති බව සඳහන්ය.

මෙහිදී ජනාධිපතිවරයා සහ මහනාහිමියන් සුහද කතාබහක ද නිරතවී තිබේ.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

(Ada derana)