තරුණියට මරු කැඳවූ අනතුර

කන්තලේ රජඇළ මාර්ගයේ අතුරු මාර්ගයක

සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබේ.

ඊයේ  (21) උදෑසන අතුරු මාර්ගයේ ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තරුණියගේ ගැටී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය කන්තලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි රජඇළ කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

අනතුරින් පසු රියදුරු පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)