ජනාධිපති අපේක්ෂකයා ගැන නාමල් කට අරී

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය පක්ෂයෙන්

සුදුසු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය පක්ෂය තුළ අපේක්ෂකයින් කිහිපදෙනෙකුම සිටින බවය.

"විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට එළැබෙන්නේ මොන මැතිවරණය ද ඒකට අපි සුදානම්. ඔයාලා දකිනවා ඇති ලංකාවේ කොතැන ගිහින් අපේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු, අපේක්ෂකයෝ කැඳවූවත් සියලූම අපේක්ෂකයෝ අපේ රැස්වීම්වලට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපි ගමේ අදටත් ක්‍රියාකාරී. අපි දන්නේ නෑ ජනාධිපතිතුමා ඡන්දය තියයි ද නැද්ද දන්නෙත් නෑ. අපි පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එතකොට ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තියෙනවා. අපේක්ෂකයා පිළිබඳව වෙලාවට කියන්නම්. ඒවා ඉතින් කලින් කියන්න ඕනේ දේවල් නෙමෙයි නේ. ඔබතුමන්ලා මගෙන් මීට කලින් ඇහුවේ ප්‍රාදේශීය සභාවේ ඉල්ලන්න අපේක්ෂකයෝ ඉන්නවා ද කියලා. දැන් ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් ලැයිස්තුවක් ඉන්නවා. ඒකෙන් අපි කාලෙට සුදුසු සහ අභියෝග ජයගන්න පුළුවන් කෙනා අපි ඉදිරිපත් කරනවා."  

මේ අතර ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව කුමන උපක්‍රම යෙදුව ද ඒවා සාර්ථක නොවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල්කාන්ත මහතා පැවසුවේය.

මේ අතර රට සංවර්ධනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විධිමත් වැඩපිළිවෙලක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

(Ada derana)