විදෙස් රැකියා ජාවාරමේ යෙදෙන පිරිසට රතු එළියක්

අනුරාධපුරයට ආසන්න විහාරස්ථානයක විහාරාධිපති

ප්‍රමුඛ පොලිස් සාජන්වරයෙකු මුල් වි විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අදාළ පැමිණිල්ලට අනුව ඊට සම්බන්ධ පාර්ශව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විමර්ශන කණ්ඩායම් වෙත උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.

බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයකට හැර කිසිදු පාර්ශවයකට විදේශ රැකියා සඳහා මුදල් ලබාගැනීමට බලයක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.

මේ අතර, විදේශ රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන්ට තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට නියෝග කර තිබේ.

එලෙස මුදල් ලබා ගැනීමේ ජාවාරම් වැළැක්වීම සඳහා ගත යුතු සියලුම පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නියෝග කර ඇත.

අදාළ විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම කිරීම සඳහා සෑම පහසුකමක්ම ලබාදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා දැනුම් දී තිබේ.

(Ada derana)