පොලිස් නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ

අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙමඟින් පොලිස් නිලධාරීන්ගේ සතිමත්භාවය ඉහළ නැංවීම හරහා රාජකාරි කටයුතු නිසි අයුරින් පවත්වගෙන යාම අපේක්ෂාවයි.

ඒ අනුව සතිමත්භාවය වර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන කළුතර පොලිස් විද්‍යාලයේ දී ආරම්භ වුණි.

(Ada derana)