'වැල්ලේ සාරංග' ගේ ප්‍රධාන සමීපතමයෙකු අත්අඩංගුවට

'වැල්ලේ සාරංග' ගේ ප්‍රධාන සමීපතමයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු

වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින "වැල්ලේ සාරංග" ගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම බළකාය සඳහන් කළේය මනුෂ්‍ය ඝාතනයක් සඳහා පැමිණි පුද්ගලයෙකුට ආධාර අනුබල සහ නවාතැන් දීම සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම පුද්ගලයාව ජාඇළ, තුඩැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින වැල්ලේ සාරංග නැමති පුද්ගලයාගේ මෙහෙයවීම මත පසුගිය මාර්තු මස 08 වනදා මත්තුමගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඔහුව ඝාතනය කිරීමට තැත්කර තිබේ.

එම වෙඩික්කරුට  නවාතැන් පහසුකම් ලබාදිම, මිනි මැරිමට තැත් කිරිම සඳහා ආධාර අනුබල දිම, හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලි ග්රෑම් 70ක් සන්තකයේ තබා ගැනීම යන චෝදනාමත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකි.

(Ada derana)

Search