තිදරු මවක් ඝාතනය කරයි

තිදරු මවක් ඝාතනය කරයි

මරදන්කේනි, තලෛයිඅඩි ප්‍රදේශයේදී

කාන්තාවක් ඝාතනය කර තිබේ.

අදාළ කාන්තාව දුෂණය කර ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

තිදරු මවක් වන 44 හැවිරිදි එම කාන්තාවගේ මළසිරුර ඇය පදිංචිව සිටි නිවසේ වැසිකිළිය ඉදිරිපිට තිබී සොයාගෙන ඇත.

ඇයගේ සැමියා ධීවර රැකියාව සඳහා ගොස් යළි නිවසට පැමිණි අවස්ථාවේදී කාන්තාව නිවස අසල වැටී සිටිනු දැක ඇති අතර පසුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් ඇති බව පැවසෙයි.

මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එම කාන්තාව දුෂණයට ලක්කර ගෙල සිර කිරීමෙන් ඝාතනය සිදුකර ඇති බවය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මරදන්කේනි පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

(Ada derana)

Search