අහුංගල්ලේ වෙඩිතැබීමට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

අහුංගල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට

ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු කොස්ගොඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු පසුගිය 08 වන දින අහුංගල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාළ වෙඩික්කරු හට ආධාර අනුබල දුන් *ආදරේ* යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු බව සඳහන්ය.

ඔහු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 1,150ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්ගොඩ පොලිසීය වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේය.

(Ada derana)