ඇල්ල - වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ

ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස දැනුම්දෙයි.

කෙසේවෙතත් අද (17) දිනයේ ද වර්ෂාව ඇදහැලුණ හොත් මෙම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එසේ වුවහොත් යළිත් ඕනෑම අවස්ථාවක අදාළ මාර්ගය වසා දැමීමට සිදුවනු ඇත.

 (Ada derana)