අද ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21)

දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රජයේ සෑම ආයතනයකට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස්  දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක පසුගිය ඉරිදා සිදුවූ  හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණි.

හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 09 දෙනාම අනතුරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පියවර ගෙන තිබේ.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර ඇති අතර රටවල් රැසක ශෝක දින ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

(Ada derana)