උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්
මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.
මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) රාත්‍රී මෙම රැඳවියා මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
24 හැවිරිදි මීට මාස 03කට පමණ පෙර බන්ධනාගාර ගතවූ පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.
අදාළ රැඳවියා මොලේ උණ රෝගී තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බවට සැක පළකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙන බව වාර්තා වේ.
මීට අමතරව මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේ ද මාතර බන්ධනාගාරයෙන් මොලේ උණ රෝගීන් වාර්තා වූ අතර මරණ කිහිපයක් ද සිදුවුණි.
(Ada derana)