මරණයකින් කෙළවර වූ පවුල් ආරවුල

මොරොන්තුඩුව, නාන්දූව ප්‍රදේශයේදී

පහරදී පුද්ගලයෙකුව ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා ඊයේ (21) රාත්‍රී සිය සහෝදරිය සහ ඇයගේ සැමියා අතර පැවති ආරවුලක් විසඳීමට ඔවුන්ගේ නිවසට ගොස් ඇති බවයි.

එහිදී ඔහු සහ මස්සිනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බව වාර්තා විය.

එහිදී ඔහුගේ මස්සිනා සහ මස්සිනාගේ පියා විසින් එම පුද්ගලයාට පහරදී ඇති බවත් ඔහු ව ගෝනදූව රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

මරණකරු 44 හැවිරිදි, කහටගස්හන්දිය, වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

(Ada derana)