පදවියේදී කොටුවූ 19 හැවිරිදි වෙඩික්කරු

පසුගිය සඳුදා (20) රාත්‍රී පදවිය, ඌරුව, ඕමාරකඩවල

ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු 19 හැවිරිදි ඌරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ පුද්ගලයා සිය සහෝදරයාගේ නිවසෙන් රාත්‍රී ආහාර ගෙන නැවත සිය නිවස කරා යමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ඒ සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යොදාගෙන ඇතැයි පදවිය පොලීසිය පැවසීය.

තුවාලකරු පදවිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළු කර ඇත.

සැකකරුගේ පියා සහ තුවාලකරු අතර පවතින පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය සැක කරයි.

(Ada derana)