සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවේ ඇත්ත මෙන්න

අවිස්සාවේල්ල සිට ගලිගමුව දක්වා ධාවනය වෙමින්

පැවති ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේ පොලිස් නිලධාරිනියක් සහ රියදුරෙකු අතර වූ මතභේදාත්මක කතාබහක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යජාලවල මේ වනවිට සංසරණය වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එම වීඩියෝව සංස්කරණය කරන ලද්දක් බවය.

පින්දෙණිය පොලීසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරිනියක සහ ත්‍රීරෝද රථ රියදුරෙකු අතර මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා,

"අදායම් බලපත්‍රයේ සහ රක්ෂණ සහතිකයේ තිබී ඇති නම් වෙනස්.
රියදුරු වශයෙන් සිට ඇත්තේ තවත් පුද්ගලයෙක්. අදායම් බලපත්‍රයේ සහ රක්ෂණ සහතිකයේ ලිපිනයද වෙනස්. රියදුරු තවත් ප්‍රදේශයක පදිංචිකරුවෙක්. මේ කරුණු නිසා නිලධාරීන්ට සැකයක් මතුවෙලා. රථයේ හිමිකාරීත්වය පවරා නොගැනීම සම්බන්ධයෙන්. අධිකරණයේ නියෝගය පරිදි රු. 5,000ක දඩයක් ගෙවීමට සිදුවුණි."

(Ada derana)