TV දෙරණ ලොකුම දන්සල තවදුරටත් අඛණ්ඩව

පැය 24 පුරා පැවැත්වෙන මෙරට විශාලතම බත් දන්සල

දෙරණ මාධ්‍ය ජාලයේ සංවිධායකත්වයෙන් මේ වනවිටත් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.

ඊයේ (23) රාත්‍රී 8.00ට බත් දන්සලේ කටයුතු ආරම්භ වු අතර අද (24) අළුයම වන තුරුත් ඊට අති විශාල ජනකායක් එක්වී තිබුණි.

අද රාත්‍රීය තෙක් අඛණ්ඩව මෙම බත් දන්සල ක්‍රියාත්මක අතර දන්සලට පැමිණෙන ඔබට ප්‍රණීත ආහාර වේලක රස බැලීමට අවස්ථාව හිමිවෙයි.

මෙම බත් දන්සලේ කටයුතු සඳහා ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ කොළඹ මහනගර සභාව දායකත්වය ලබාදෙයි.

(Ada derana)