හරක් කටා ට එරෙහි නඩුව යළි කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන්

පළායෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුනි මස 6 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

(Ada derana)