කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ රථ මුහුදු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

විසින්අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවත් එහි සඳහන් වෙයි.

එබැවින් මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතීන බව එම නිවේදනයේ සඳහන් වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

(Ada derana)