කොල්කටා කණ්ඩායම ෂාරුක් සමග ජය සැමරූ හැටි

ඉන්දීය ජනතාව අතර ක්‍රිකට් මෙන්ම

සුපිරි නළු ෂාරුක් ඛාන් ද අතිශය ජනප්‍රිය චරිතයකි.

වසර 10කට පසුව ෂාරුක් හිමිකාරීත්වය දරන කොල්කටා කණ්ඩායම IPL තරගාවලිය ජයගැනීමත් සමග එරට සමාජ මාධ්‍ය තුළ යළිත් කොල්කටා කණ්ඩායම මෙන්ම සුපිරි නළු ෂාරුක් ඛාන් ගැනත් දැඩි කතාබහක් ඇතිවී තිබේ.

ඒ සුපිරි නළු ෂාරුක් ද ක්‍රිකට්වලට දක්වන සුවිශේෂී ඇල්ම හේතුවෙනි.

පසුගියදිනවල විජලන තත්ත්වයක් හේතුවෙන් ඇතිවූ අසනීප තත්ත්වයක් සඳහා රෝහල්ගතකර සිටියද ක්‍රිකට්වලට ඇති ඔහුගේ ඇල්ම හේතුවෙන්ම ෂාරුක් IPL තරගාවලියේ තරග නැරඹීමට අමතක කර නොතිබුණි.

මේ සුවිශේෂී ජයග්‍රහණය ලබන මොහොතේ ෂාරුක් ඛාන් ද පිටියේ නරඹන්නෙක් ලෙස එක්ව සිටීම ක්‍රීඩාලෝලීන්ට වෙනස් වූ ආශ්වාදයක් ගෙනදීමට සමත්විය.

එසේම ජයග්‍රහණයෙන් අනතුරුව ඔහුට මෙන්ම කොල්කටා කණ්ඩායමට ආදරය කරන රසික රසිකාවියන්ට ගෞරවය පිරිනැමීමට ෂාරුක් ද අමතක නොකිරීම විශේෂත්වයකි.

ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග ක්‍රීඩාංගණය වටා යමින් ප්‍රේක්ෂකයින්ට ආචාර කළ අයුරු මෙන්ම ජය සැමරීමට ක්‍රීඩකයින් හා එක්වූ අයුරු කැමරා කාචයේ සටහන්ව තිබූ අයුරු පහතින්.

(Ada derana)