දුම්රියේ ගැටී තරුණයෙකු මරුට

කටුකුරුන්ද සහ කළුතර දුම්රිය ස්ථාන අතර

දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටි තරුණයෙකු දුම්රියක ගැටී මියගොස් තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවවන තරුණයෙකි.

එම තරුණයා කටුකුරුන්ද දෙස සිට කළුතර දෙසට හෑන්ඩ් ෆ්‍රී උපකරණයක් සවිකර ජංගම දුරකථනයක් භාවිත කරමින් මාර්ගයේ ගමන්කර ඇති බවට දුම්රිය සේවකයින් සඳහන් කර තිබේ.

අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටීමෙන් එම තරුණයා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

දකුණු කළුතර පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

(Ada derana)