ළිඳක තිබී මළ සිරුරක් හමුවෙයි

වෙල්ලාවලි, මණ්ඩූර් ප්‍රදේශයේ වෙල්ලාවලි

කළුපාලම ආසන්නයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

ඊයේ (27) උදෑසන කාලයේ වෙල්ලාවලි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ, මණ්ඩූර් ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 26 වනදා අසල්වැසි නිවසියන් සමග පැවති අරවුලකට අදාළව සමත මණ්ඩලයට යොමුකළ පැමිණිල්ලකට සහභාගී වීම සඳහා නිවසින් බැහැරව ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී යම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් මරණකරුගේ හිසට පහරදී ළිඳට දමා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙල්ලාවලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)