ඩොලර් බිලියන 1ක ආයෝජන ඉලක්කය සපුරා අවසන්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 වසර සඳහා වූ

අමෙරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජන ඉලක්කය මෙම වසරේ පළමු කාර්තුවේදීම සපුරාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමග ආයෝජන ගිවිසුම්ගත වූ ආයෝජකයින් සමග ඔවුන්ගේ ව්‍යාපාර පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා පැවති සාකච්ජාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදානි සමාගම ඩොලර් මිලියන 820 ක ආයෝජනයක්ද අනෙකුත් ව්‍යාපාර තවත් මිලියන 320ක් ද මේ වනවිටත් ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගතකොට ඇති බවය.

(Ada derana)