විදෙස් දුම්වැටි තොගයක් සමග දේශපාලනඥයෙකු අත්අඩංගුවට

විදෙස් දුම්වැටි තොගයක් රැගෙන

ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී සැකකාර දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු ප්‍රබල දේශපාලන පක්ෂයක් නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එහිදී ඔහු සන්තකයේ තිබී දුම්වැටි 6000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

(Ada derana)