දුම්රිය ප්‍රමාදයක්

පල්ලේවෙල සහ ගනේගොඩ දුම්රිය ස්ථාන

අතර සහ වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.

අප කළ විමසීමක දී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ. එන්. ඉඳිපොලගේ මහතා මේ බව පැවසීය.

මේ අතර, අයහපත් කාලගුණික තත්ත්වය සමග ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉඳිපොලගේ මහතා පැවසුවේ, බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගයට ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවය.

වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් ජලයෙන් ගසාගෙන යාම හේතුවෙන් මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇත.

(Ada derana)