මාරක අනතුරු කිහිපයක් - 4ක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී ඊයේ (02)

දිනයේ සිදු වූ මර්ග අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (02) උදෑසන මහබාගේ අඩි 20 අතුරු මාර්ගයේ තාප්පහේනවත්ත ප්‍රදේශයේ දී තාප්පහේනවත්ත දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් රියදුරුට බරපතළ තුවාල ලබා රාගම රෝහල‌ට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි මගුල්පොකුණ, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ඊයේ සවස කාලයේ කොට්ටාව අතුරුගිරිය මාර්ගයේ මෙන්ඩිස් වංගුව අසලදී අතුරුගිරිය දෙස සිට කොට්ටාව දෙස‌ට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව පෙරළී ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස ගමන් කළ තිදෙනෙකු සහ කාර් රථයේ රියදුරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී ත්‍රී රොද රථයේ ගමන්කළ දෙදෙනෙකු මියගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 42 සහ 54 වයස්වල පසුවන හික්කඩුව හා හපුතලේ ප්‍රදේශයවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

එමෙන්ම ඊයේ රාත්‍රියේ නිට්ටඹුව, කොළඹ - නුවර මාර්ගයේ මුරුතවල හන්දිය අසල දී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරුක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පදිකයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 43 හැවිරිදි පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

(Ada derana)