මැයි 15 සිට ආපදා මරණ 30ක්

අයහපත් කාලගුණික තත්ත්වය

මයි මස 15 වනදා සිට මේදක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය.

පවුල් 65,777 අයත් පුද්ගලයින් 240,406 දෙනෙකු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බව සඳහන්ය.

සුරක්ෂිත මධ්‍යස්ථාන 165ක් තුළ පුද්ගලයින් 113,028 දෙනෙකු තවදුරටත් රඳවා ඇති බව අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

(Ada derana)