පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (06) පැවැත්වීමට නියමිතය.

අද පෙරවරුවේ 10.30 සිට පස්වරු 5.00 දක්වා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටට නියමිත අතර අනතුරුව එය සම්මත ගැනීමට නියමිතය.

යෝජිත නව විදුලනිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේ බලශක්ති අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කරනු ලැබීය.

ඒ අනුව එම පනත අද දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

(Ada derana)