මගීන්ට දුක් දෙන දුම්රිය වර්ජනය

දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය

සිව්වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය 20ක් අවලංගු කෙරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් මෙම වර්ජනය ආරම්භ කළේ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.

මේ හේතුවෙන් අදත් දුම්රිය මගීන් දැඩි අපහසුතාවන්ට පත්විය.

එමෙන්ම වෙනදා කාර්ය බහුල ප්‍රධාන පෙළේ දුම්රිය ස්ථාන රැසක අද දක්නට ලැබුණේ පාළු ස්වභාවයකි.

වර්ජනය මැද ධාවනය වූ දුම්රිය කිහිපයේ දැඩි තදබදයක් දක්නට ලැබුණි.

(Ada derana)