පස් පොඩ්ඩා ට වෙඩිතැබූ සැකකරු ගුවන්තොටුපොළේදී කොටුවෙයි

ගම්පහ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ චෝදනා

එල්ලව සිටි "පස් පොඩ්ඩා" නමැත්තාව වෙඩිතබා ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයා ව අද (10) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත්තේය.

ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර සැකකරුව ගුවන් තොටුපොළ පොලීසිය වෙත බාරදීමට පියවර ගත් බව අප වාර්තාකරු පැවසීය.

සැකකරු මීගමුව, කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි .

මොහු ගම්පහ "පස් පොඩ්ඩා" ට ඉකුත් 2022 ජූලි මස වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර බලා පළාගොස් තිබූ බව සඳහන් ය.

(Ada derana)