මාර්ග නඩත්තු සේවකයින් අද විරෝධයේ

2025 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගත්

මාර්ග නඩත්තු අනියම් සේවකයින් මේවන තෙක් ස්ථිර නොකිරීමට විරෝධය පළ කරමින් අද (12) දිනයේ විරෝධතාවක නිරත වන බව එක්සත් පොදු සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් නිහාල් අජිත් මහතා සඳහන් කළේ, අදාළ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට පියවර නොගත හොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගවලට යොමු වීමට සිදුවන බවය.