දුම්රියක් පීලි පනී - මුහුදුබඩ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරයි

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන්

මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ.

පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත.

දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී දුම්රිය සංඥා පද්ධතිය ද මුළුමනින්ම අක්‍රීය වී තිබේ.

දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.