තවත් දියණියකට අමානුෂික ප්‍රහාරයක්

නව හැවිරිදි දියණියකට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයෙකු

මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා යුද හමුදා කෝප්‍රල්වරයෙකු වන අතර ඔහු එම දැරියගේ සුළු පියා බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කළ කතාබහක් පිළිබඳව දැරිය කරුණු සැඟවීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වුණි.