බිළිඳු සිරුරක් හමුවෙයි

බිළිඳු මළසිරුරක් නුවරඑළිය

බොරලන්ද ඇළ මාර්ගයක් අසල තිබී අද (13) හමුවී තිබේ.

නුවරඑළිය පොලීසිය පැවසුවේ ඒ ඉපදී දින කිහිපයක් ගතවූ බිළිඳෙකු බවත් මළසිරුරේ ඉනෙන් පහළ කොටස නොමැති බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශය අවට රෝහල් හා පොලීසි සියල්ල දැනුවත් කර අදාළ මළසිරුර හිමි දරුවාගේ දෙමාපියන් සෙවීමට නුවරඑළිය පොලීසිය මෙහෙයුම් දියත් කර තිබේ.

නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව බිළිඳු සිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.