ශ්‍රීලනිප අර්බුදය - පෙත්සම විභාග කිරීමට නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා

කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝගයට එරෙහිව ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේය. 

විජයදාස රාජපක්ෂ මහතා  විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. 

කෙසේ වෙතත් කොළඹ දිසා අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුව විභාගය ඉදිරියට පවත්වාගෙන යාමටද විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබීය. 

ඉන් අනතුරුව අදාළ අභියාචනා පෙත්සම ලබන 26 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.