යතුරුපැදියක් දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

අද (14) උදෑසන මීටියාගොඩ, වැරැල්ලාන

දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර, මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53ක් වන කළුගේ , හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
 
යතුරුපැදිකාරියගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලීසිය වාර්තා කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.