මීගමුව, වැල්ල වීදිය ප්‍රදේශයේ
මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද (14) පෙරවරුවේ මෙම සිසුන් දෙදෙනා තවත් සිසුන් දෙදෙනෙකු සමග එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවය.
එහිදී දිය නාමින් සිටි සිසුන් සිව්දෙනාම දියේ ගසා ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකුගේ දිවි බේරා ගෙන ඇත.