මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගැනීම
සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත භාරදී තිබේ.
එම වාර්තාව ලැබුණු බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙලෙස වැටුප් වැඩිකර ගැනීමක් සිදුනොකළ යුතුව තිබු බවට අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.