තවත් වාරණ නියෝගයක් නිකුත් නොකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා

ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (19) දින කැඳවා තිබෙන පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් නොකිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අධිකරණය නඩුව නැවත ජුලි මස 03 වනදා කැඳවන ලෙසත් දැනුම්දුනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන හෙක්ටර් බෙත්මගේ මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.