බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය සහන් පුතා
බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
මුහුද මැදදී මෙම ගැටුම හටගෙන තිබෙන අතර බේරුවල ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ යාත්‍රාවේ සිටින අනෙක් පිරිස ද තුවාල ලබා ඇති බවය.
බේරුවල රේගුව පාරේ පදිංචි සුමනසිරි ප්‍රනාන්දු නමැති යාත්‍රාවේ හිමිකරු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
මියගොස් ඇති පුද්ගලයාගේ මෘතදේහය බේරුවල ධීවර වරායේ සිට මුහුදු සැතපුම් 180ක් පමණ ඈත සිට අදාළ යාත්‍රාවෙන්ම බේරුවල ධීවර වරායට පැමිණෙමින් සිටින බවද වාර්තා වෙයි.
ගැටුමෙන් මියගොස් ඇත්තේ මග්ගොන, මාගල්කන්ද, රොක්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. කේ. චන්දන උපුල් නමැති පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.