පාකිස්තානයේ ලැප්ටොප් පරිගණකයක් පිපිරී දරුවන් දෙදෙනෙක් මරුට

නිවසක් තුළ ලැප්ටොප් පරිගණකයක්

පුපුරා යාමෙන් සිදුවූ  අනතුරකින් දරුවන් දෙදෙනෙකු මියයෑමේ පුවතක් පාකිස්තානයෙන් වාර්තා විය.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 03ත් 09ත් අතර ළමුන් 05 දෙනෙකු ඇතුළු තුවාල ලැබූ පුද්ගලයින් 09 දෙනෙකු රෝහලගත කර තිබූ බවය.

අනතුරින් 06 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 09 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගිය බව රෝහල තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලැප්ටොප් සහ ජංගම දුරකථනවල ඇති දෝෂ සහිත බැටරි අධික ලෙස රත්වී ගිනි ගැනීමකට ලක්විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී 
ඒ්වා පුපුරවා යාහැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.