තෙත්බිම් සංරක්ෂණය ගැන ජනපති කළ කතාව

තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින්

පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ දේශගුණික විපර්යාසවලට මුහුණ දිමේදි සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටිමෙන් ඵලක් නොවන බවය.

පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ සමාප්ති උත්සවයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකශ කළේය.

සංවර්ධනය සහ ජනගහණයේ ව්‍යාප්තිය සමඟ අද රට පුරා තෙත්බිම් අහිමි වෙමින් පැවතිම හේතුවෙන් එය සංරක්ෂණය කර ගැනිමට කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

මෙම වැඩපිළිවලට සමගාමීව දකුණු පළාතේ තෙත්බිම් අක්කර 1,000 කට වඩා වැඩි ප්‍රදේශයක් සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

හෝර්ටන් තැන්නට යාබදව , තවත් සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා අක්කර 1,000ක් වෙන් කර ඇති අතර තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රි ලංකාව තවදුරටත් කැපවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.