හජ් වන්දනා සමයේ මියගිය පිරිස ගැන සෞදි අරාබිය හෙළිකරයි

මෙවර හජ් වන්දනා සමයේදී පුද්ගලයින් 1,301ක්

මියගොස් ඇති බව සෞදි අරාබිය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මිය ගිය බහුතරය නීතිවිරෝධී ලෙස පැමිණි වන්දනාකරුවන් බවත් ඔවුන් ට දැඩි උණුසුම මධ්‍යයේ දීර්ඝ දුරක් ඇවිදීමට සිදුව තිබූ බවත් සඳහන් වෙයි.

සමහර අවස්ථාවල උණුසුම සෙල්සියස් 50 ඉක්මවා තිබුණි.

මියගොස් සිටි පුද්ගලයින්ගෙන් 75%කට පමණ හජ් වන්දනාව සඳහා නිල බලපත්‍ර තිබී නොමැති බවත් ඔවුන්ගෙන් බහුතරයක් මහලු විවිධ රෝගාබාධ සහිත අය බවත් වාර්තා විය.

දැඩි උණුසුම නිසා රෝගී වූ 500,000කට පමණ සෞඛ්‍ය අංශ ප්‍රතිකාර කර ඇති අතර ඉන් 140,000ක් පමණ පිරිසකට නිල බලපත්‍ර තිබී නොමැත.

(Ada derana)