හොර වැඩක් කරලා රටින් පනින්න හැදූ විදෙස් ජාතිකයා

මූල්‍ය වංචාවකට සම්බන්ධ විදෙස් ජාතිකයෙකු

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 63,818,452ක මුදලක් ලබාගෙන එම ඉදිකිරීම් කටයුතු සිදුනොකර මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි බෙල්ජියම් ජාතිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.