අල්ලස් ගත් බවට සැක පොලිස් නිලධාරින්ගේ ඇප ප්‍රතික්ෂේප වෙයි

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තීන්දු කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අදාළ සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී මෙම සැකකරුවන් විසින් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මුදල් ද අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

මාර්ගගත  මුදල් ගනුදෙනුවකට අදාළව සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 154,200/- අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට මෙම සැකකාර පොලිස් නිලධාරීන දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.