අනුර පෙන්නපු ෆයිල් ගොඩක් ඒවා හිස් - ජනපති

හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ

නායක අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත් , ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නීතිඥවරු පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

"2022 මැයි 09 සිදුවීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ගැන කතා කරන්න ජනපති සියලුදෙනා කැඳවූවා. විපක්ෂය නියෝජනය කරමින් සම්බන්ධන්, සුමන්තිරන් සහ මම එක්වුණා. විපක්ෂයේ අනෙක් පක්ෂ එක්වුණේ නැහැ. එය වැරදියි. රටේ පැවති අර්බුදය ගැන යෝජනා ජනපතිට කියන්න තිබුණා. විපක්ෂ නායක යනු විකල්ප අගමැතිවරයෙක් බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. සාකච්ඡාවලට සහභාගීවෙලා කිසිදු පියවරක් ගත්තේ නැහැ. අගමැති මහින්ද ඉවත්වුණොත් අවස්ථාව තිබුණේ සජිත්ට. මමත් එය පිළිගෙන ඕනම කෙනෙකුට උදව් කරන්න සූදානම් වුණා. මැයි 10 සජිත්ට එන්න කිව්වාට ආවේ නැහැ. අගමැතිකමට හිඟමනේ යනවාද? අපේ රටේ විතරක් එය සිදුවුණේ.  ජනතා විමුක්ති පෙරමුණ කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. අපි එය භාරගත්තා. ජනපති පිටවෙලා ගියා. මම අගමැති ලෙස හිටියේ. ඉල්ලා අස්වෙන්න කිව්වාට ලියුම ගිහින් භාරදෙන්නේ කොහාටද? යෝජිත පුද්ගලයා ගේන්න කිව්වාම කථානායකට බලය දෙන්නලු. විපක්ෂ නායක නැත්නම් අනුර භාරගත යුතුයි. අපි ආණ්ඩුවක් හැදුවා ඉන්න ඇමතිවරු එක්කම. සියලුදෙනා එක්ව වැඩකළ අරුම පුදුම ආණ්ඩුවක්. මෙතැනින් පටන්ගෙන තවත් වසර 05ක් ඉදිරියට යමු. මැතිවරණ එයි ඕන අය ඉතිරිවෙයි නැති අය විසිවෙයි. 

"2023 දූෂණ විරෝධී පනත වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා"

"දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරගෙන යනවා. පනත ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් යෝජනා කරනවා. දූෂණය පාලනය කිරීමට සටහනක් ගේනවා - හොරු අල්ලනවා කියන්නේ නැහැ . අනුර ෆයිල් 400ක් පෙන්නුවා ඒ ටික මං ගාව තියෙන්නේ. ෆයිල් 400න් 40කට නඩු දැම්මා. ඉතිරු ෆයිල් 360 හිස් බලන්න අවශ්‍ය කෙනෙක් මට කියන්න. ෆයිල් 400ක් නොපෙන්වා 40ක් පෙන්වන්න තිබුණා."