මනාල යුවළ රැගත් රථය හැප්පෙයි

මනාල යුවළක් ගමන්ගත් මෝටර් රථය

තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් කොල්ලුපිටියේ අනතුරක් සිදුවී තිබේ. 

ඊයේ (15) අලුයම් කාලයේදී සිදුවූ මෙම අනතුරෙන් මනාල යුවළ ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇත.

මනාල යුවළ පෙරටු කොට ගත් රථ 15ක් පමණ බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දෙසට ධාවනය වී ඇති අතර මංගල රථයේ තිරිංගවල දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.