කාර් - බයික් අනතුරින් 19 හැවිරිදි තරුණයා මරුට

ගල්ගමුව පොලිස් වසමේ ගල්ගමුව

ආණමඩුව මාර්ගයේ පළුකන්දෑව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආණමඩුව දෙස සිට ගල්ගමුව දෙසට ධාවනය වූ කාර් රථයක් ඊ‌ට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.