රුපියල් කෝටියක් ගන්න මිතුරාව පැහැරගෙන

කුවේට් රාජ්‍යයේ සේවය කර සිට

මෙරටට පැමිණි සිටි පුද්ගලයෙකු මාවතගමදී පැහැරගෙන ගොස් නාරම්මල පාළු නිවසක රඳවාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙක්ව විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශන වලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා කුවේට් රාජ්‍යයේ සේවය කළ ස්ථානයේම සේවය කළ වෙනත් අයෙකුගේ සැලසුමකට අනුව මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීම සඳහා එම පැහැරගැනීම සිදුකර තිබුණි.

විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී ඒම පුද්ගලයා මුදවා ගෙන සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් නාරම්මල සහ කටුපොත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 – 39 වයස්වල පසුවන පුද්ගලයින් වන අතර එම පුද්ගලයාව පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන මාවතගම පොලීසිය විසින් සිදුකරයි.