පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

රාජ්‍ය මුල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය අද සිදුකිරීමට නියමිත ව ඇත.

අද පෙරවරු 9.30සිට පස්වරු 5.30 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම විවාදය සඳහා වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් අද දින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සලකා නොබැලීමට ද තීරණය වී තිබේ.

රාජ්‍ය මුල්‍ය කළමනාකරන සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව එය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ඉහතින් දැක්වේ.