හමාස් නායකයෙක් මරුට

පලස්තීන බටහිර ඉවුරේ හමාස් නායකයා

ලෙස කටයුතු කළ මුස්ටාෆා මුහම්මද් අබූ අරා ජීවිතක්ෂයට පත්වී තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඔහු ඊශ්‍රායල් හමුදා භාරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.
 
පලස්තීන බලධාරීන් චෝදනා කරන්නේ දකුණු ඊශ්‍රායලයේ සිර කඳවුරක රඳවා සිටි මුස්ටාෆා ට ඔහුගේ රෝගී තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබා දීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර නොමැති බවයි.

ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායල ඉලක්කර හමාස් සාමාජිකයින් එල්ලකළ ප්‍රහාරයෙන් අනතුරුව මුස්ටාෆා ව අත්අඩංගුවට ගැනුණු.

පසුගිය මාස 10 තුළ පලස්තීන ජාතිකයින් 18 දෙනෙක් ඊශ්‍රායල හමුදා භාරයේ සිටියදී මරණයට පත්ව ඇති බව සඳහන් වෙයි.