කොළඹ - නුවර පාර අවහිර වෙයි

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ප්‍රදේශයේ දී

මගී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය යක්කල හන්දිය ආසන්නයෙන් අවහිර වී ඇති බව "අද දෙරණ" වාර්තාකරු පවසයි.

ගම්පහ යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටීමෙන් අද (29) දහවල් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් තුවාල ලැබූවන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව පොලීසිය පවසයි.